FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසක බිදවැටී තිබූ විදුලි සැපයුම යථාතත්ත්වයට..

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් ප්‍රදේශ රැසකට අද(17) අළුයම බිදවැටී තිබූ විදුලි සැපයුම මේ වනවිට යථාවත් කර තිබේ.

ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් හටගත් බවයි.

මේ නිසා රත්නපුර, මතුගම, කොටුගොඩ, මාතර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීමක් සිදු වූ බවත් හා මේ වන විට විදුලිය යථාතත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කලේය.