FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලේ කසල කන්දට බිළි වූ ගණන 26 දක්වා ඉහළට..

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 26ක් දක්වා ඉහළ ගොස් ති‍බේ.

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ කසල කන්දට යට වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි.

මේ අතර කසල කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ අවසන් කටයුතු අද(16) සිදු කෙරුණි.

මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ මියගිය සෙසු පිරිසගේ අවසන් කටයුතු හෙට(17) සහ අනිද්දා(18) සිදු කරන බවයි.