FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය ජගත් විජේනායක අභාවප්‍රාප්ත වෙයි..

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර ආචාර්ය ජගත් විජේනායක මහතා රාගම ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) දහවල් අභාවප‍්‍රාප්ත විය.

අභාවප‍්‍රාප්ත ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න මල්ශාලවේ අද (15) උදෑසන සිට තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (16) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

අභාවප‍්‍රාප්ත ආචාර්ය ජගත් විජේනායක මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායකගේ සහෝදරයෙකු ද වේ.

ප්‍රකට ගණකාධිකරන දේශකයෙකු වූ ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකටද දායකත්වය ලබා දී ඇති අතර අම්මාවරුනේ සහ විදු ඒ අතරින් කිහිපයකි.