FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්..

 

දිනාගත් ජයග්‍රහණය වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස එළඹුණු අලුත් අවුරුද්දේ පෙළ ගැසීම අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

උදා වූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සිංහල දෙමළ නව අවුරුදු උළෙල සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නූතන ලොව හමුවේ වුව ද ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින් සහ මානව හිතවාදී බවින් පිරිපුන්ව පවතින බවයි.