FAST NEWS

24×7 Around the Globe

මහ සිකුරාදා දිනය අදයි..

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

එය සිහිකරමින් දිවයිනේ සෑම දේවස්ථානයකම දේව මෙහෙයන් පැවැත්වෙන අතර
අලු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබති.

මහ සිකුරාදායින් පසු එළඹෙන ඉරිදා පාස්කු මංගල්‍යය කිතුනුවන් සමරනු ලබන්නේ ජේසුස් වහන්සේගේ මරණයෙන් නැගිටීම හෙවත් උත්ථානවීමය.