FAST NEWS

24×7 Around the Globe

නැකැත් පත‍්‍රය අනුව උදා වූ පුණ්‍ය කාලය හෙට උදෑසන දක්වා..

මෙවර නැකැත් පත‍්‍රය අනුව මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය  අද අපරභාර 7.40 ට උදා විය.

හෙට (14) දින පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද(13) දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් පත‍්‍රයේ සඳහන්ය.

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් හෙට (14) පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ට වන අතර රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු බව නැකැත් පත‍්‍රයේ සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට(14) පූර්ව භාග 07.05ට වන අතර සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් පත‍්‍රයේ සඳහන් වේ.