FAST NEWS

24×7 Around the Globe

15‍ වන දින දක්වා වර්ෂාවේ වර්ධනයක්..

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අන්තර් මෝසම් වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය  සඳහන් කළේ සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය මෙම මස 15 වන දින දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සචින්තා ජයසේකර මහත්මිය වැඩි දුරටත් පැවසීය.