FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවෝ වර්ජනයක..

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත්, දැනට ක‍්‍රියාත්මක වන රුපියල් 7500 දීමනාව ඉහල දමන ලෙසත් , උත්සව දීමනා හෝ රක්ෂණ දීමනා , අර්ථසාධක දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් වැඩවර්ජනයට හේතු වූ බව උතුරු අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන්ගේ ඒකකයේ සභාපති එස්.ජේ රොෂාන් මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා ,අගමැතිවරයා හෝ අමාත්‍යවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ බවද හෙතෙම ප්‍රකාශ කලේය.

එසේම උතුරු පළාතේ දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන් අතරින් අඩකට ආසන්න පිරිසක් මෙම වර්ජනයට සහය නොදෙන බවත් හරස්මාර්ගවලට පොලිස් නිලධාරීන් යොදවන බවත් උතුරු පළාත් පොලිසිය පැවැසීය.