FAST NEWS

24×7 Around the Globe

‘ශ්‍රී ලංකාවේ කිසිම වරායක් විදෙස් හමුදාවලට දෙන්නේ නෑ..’

ශ්‍රී ලංකාවේ කිසිදු වරායක් කිසිදු අවස්ථාවක විදේශ රටවල හමුදා කාර්යයන් සඳහා භාවිත කිරීමට ඉඩනොදෙන බවත් ශ්‍රී ලංකා වරායන්හි ආරක්ෂක වගකීම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් පැවරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ පුද්ගලික ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සමුළුවක් අමතමින් අවධාරණය කළේය.

ආයෝජන සහ වෙළෙඳ අවස්ථා සඳහා ඉන්දියන් සහ පැසිෆික් සාගරයේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ නිෂ්පාදන කටයුතු සඳහා නැඹුරු වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එහිදී ජපාන ආයෝජකයන්ට ආරාධනා කර සිටියේය.

ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ මූලිකත්වයෙන් ජපාන වෙළෙඳ සහ කර්මාන්ත මණ්ඩලය, ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව, ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්ෂණ සංවර්ධන සංවිධානය හා එක්ව පැවැත්වූ මෙම සමුළුවට ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් තුන්සියයකට ආසන්න පිරිසක් ඊයේ (11) පස්වරුවේ සහභාගි වූහ.