FAST NEWS

24×7 Around the Globe

වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉන්දීය රජයේ ආයෝජනයක්..

ඉන්දීය රජයේ ආයෝජනයක් මත වකුගඩු රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිරියේදී ස්ථාපිත කරන බව පදවිය මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරුමැද පළාතේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල මේ වනවිට වකුගඩු රෝගය පැතිර යන බවයි.

එසේම ඇදන් 250 කින් සමන්විත වකුගඩු රෝග ප‍්‍රතිකාර රෝහලක් පොළොන්නරුවේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කලේය.