FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ජපානයෙන් විශේෂ නියෝජිතයෙක්..

 

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කිරීමට ජපානයේ අවධානය යොමුව තිබේ.

ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා මහතා හා ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (12) පැවැති සාකච්ඡාවේදී සුගා මහතා මේ බව පවසන ලදි.

ඒ අනුව ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා විශේෂ නියෝජිතයා ලෙස පත්කිරීමට නියමිත බවද වාර්තා විය.