FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාව හා සුළගින් නිවාස 14කට හානි සිදුවෙයි..

මැදිරිගිරිය, වෙඩිකච්චිය ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හා සුළං තත්වයක් හේතුවෙන් නිවාස 14කට අලාභ හානි සිදුව තිබේ.

මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාම සේවා වසමේ සමඟිපුර, නවනගරය සහ සමගිපුර පහල කොටස යන ප්‍රදේශ වල නිවාස 14කට අලාභ හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ.