FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවි සිසුන් 15 යළි රිමාන්ඩ්..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට මෙම සිසුහු රිමාන්ඩ් බාරයේ සිටිති.

සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

(ADS)