FAST NEWS

24×7 Around the Globe

15 වැනිදා දක්වා සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි..

අප්‍රේල් මස 15 වන දින දක්වා ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි.50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

(ADS)