FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරු මුලස්ථානයට කැදවති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සියලුම සංවිධායකවරුන් අද (11) පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව එම පක්ෂ ආරංච් මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරන මැයි දින රැළිය සාර්ථක කර ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස පක්ෂ මූලස්ථානයට කැදවා ඇති බවද පැවසේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වෙන  බවද සඳහන්.

(ADS)