FAST NEWS

24×7 Around the Globe

පක්ෂ ලියාපදිංචිය සදහා සම්මුඛ පරීක්ෂණ 19 වැනිදා සිට..

පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් මැතිවරණ කොමීෂන් සභාවේ ලියාපදිංචිය සදහා ඉදිරිපත් කර ඇති අයැදුම්පත්‍ර සඳහා සම්මුඛ පරීක්ෂණ මෙම මස 19දා සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත පැවැසීය.

මෙ වන විට අයැදුම්පත් 95ක් නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් ,ඉන් දේශපාලන පක්ෂ හතරක් අයැදුම්පත්‍ර දෙක බැගින් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමීෂන් සභාව සඳහන් කරයි.

එක් එක් දේශපාලන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සුදුසුකම් පරීක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

අප්‍රේල් 19දා ආරම්භ කෙරෙන සම්මුඛ පරීක්ෂණ 20,21,22,26,27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

සියලුම සම්මුඛ පරීක්ෂණ අවසන්වූ පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වී දේශපාලන පක්ෂ වශයෙන් පිළිගනු ලබන පක්ෂ සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹෙන බවද හෙතෙම පැවැසීය.

(ADS)