FAST NEWS

24×7 Around the Globe

ගම්බිම් බලා පිරිස් සඳහා ලංගම බස් රථ 4,600ක් හා විශේෂ දුම්රිය වාර..

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති බවත් දුරගමන් සේවා සඳහා අමතර ලංගම බස් රථ 1200ක් යොදවා  විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මීට අමතරව අප්‍රේල් 12 සහ 16 දිනවල පෙරවරු 11.30ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් ද, අප්‍රේල් 13 හා 17 පෙරවරු 8.30ට බණ්ඩාරවෙළ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද ධාවනය කීරිමට කටයුතු යොදා ඇති බව ලංකා දුම්රිය සේවය  පවසයි.

එසේම අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.

ඊට අමතරව කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 සහ 17 විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද අප්‍රේල් 17 වැනිදා තෙක් විශේෂ දුම්රිය යොදවා ඇතැයි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන පහසුකම් අප්‍රේල් 25 වැනිදා තෙක් ලබාදීමට කටයුතු යොදා ඇත.

(ADS)