FAST NEWS

24×7 Around the Globe

අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකට..

උත්සව සමය වෙනුවෙන් අද (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් සහනදායි මිලට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ ලබන 18 වැනිදා දක්වා මෙම භාණ්ඩ මල්ල රුපියල් 975 ක සහන මිලක් යටතේ සතොස හරහා අලෙවි කරන බවයි.

උත්සව සමයේ භාණ්ඩ මිල ගණන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ (09) කොළඹ ප‍්‍රදේශයේ සුපිරි වෙළඳසැල් කිහිපයක  හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.