FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ තදබදය හේතුවෙන් විසි දෙනෙක් මරුට…

ඉන්දියාවේ ආගමික උත්සවයක් පැවැත්වෙද්දී තදබදය හේතුවෙන් විසි දෙනෙක් මිය යති.

මහා පුෂ්කරාලු නමින් හැඳින්වෙන මෙම ආගමික උත්සවය පැවැත්වෙන්නේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

තදබදය හට ගත්තේ මහා පුෂ්කරාලු උත්සවය ආරම්භවීමත් සමඟ දස දහස් ගනන් බැතිමතුන් ගෝදාවරී ගංගාවේ ස්නානය කිරීම සඳහා එක් රැස්වීමත් සමඟයි.

ගංගාවේ ප්‍රවේශ දොරටුව දෙසට පිරිස් එකවර වේගයෙන් හඹා ආ බවයි පොලීසිය පැවසුවේ.

මේ ආකාරයට ආගමික උත්සව පැවැත්වෙන අවස්ථාවල දී තදබදය හේතුවෙන් පුද්ගලයන් මියයාම ඉන්දියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නක්.