FAST NEWS

24×7 Around the Globe

සුළඟින් නිවාස 29කට හානි සිදුවෙයි..

වව්නියාව, අන්නානගර් සහ කාර්කාසිංනකුලම් ප්‍රදේශවලට බලපෑ තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.

ඊයේ(09) පස්වරුවේ අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති වූ බව පොලීසිය පැවසූ අතර සුළං තත්වය හේතුවෙන් නිවාස 29කට අලාභ හානි සිදුව තිබේ.

මෙහිදී කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.