FAST NEWS

24×7 Around the Globe

‘සංහිඳියාව ඇති කිරීම සැමගේ වගකීමක්..’

සංහිඳියාව ශක්තිමත් කරමින් සෑම ආගමික දර්ශනයක්ම අපේක්ෂා කරන මිනිස්සුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයයේදී සැබෑ පණිවුඩකරුවන් ආධ්‍යාත්මික නායකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ  බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන්ම හින්දු, ඉස්ලාමිය, කතෝලික සියලු පූජක තුමන්ලාට සංහිඳියාව සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන බවය.

දංකොටුව, සිංගක්කුලියේ පැවැති එරබදු වසම්තම් ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ සංස්කෘතික ප්‍රසංගය සහ ස්වර්ගස්ථ කලාශූරී මර්සිලින් ජයකොඩි පියතුමන්ට උපහාර පිදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.