FAST NEWS

24×7 Around the Globe

පසුගිය පාලන කාලයේදී ඡන්ද පොරොන්දු විතරක් දුන්නා…

නවීන තාක්ෂණය ඔස්සේ අපනයන වෙළෙඳපොළ සමඟ එක්වීමේ අවස්ථාව තරුණ පරපුරට උදාකර දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට සහ මඟ පෙන්වීමට ආයතන රැසක් ක්‍රියාත්මක වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැගීමට නම් මෙරට ගොවි ජනතාව නවීන තාක්ෂණය සමග බද්ද විය යුතු බවයි.

පසුගිය පාලන කාලයේ දී ඡන්ද පොරොන්දු ලබාදුන්න ද ගොවීන් වෙනුවෙන් සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දෙන ලදි.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා සමගාමීව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ බෙදාදීම වෙනුවෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.