FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වේ..

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට  80 වැනි වියෙහි පසුවිය.

 විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරනයේ සුවිශේෂී සිනමාකරුවෙකු වන වසන්ත ඔබේසේකර මහතා 1958 දී විශ්ව විද්‍යාලයට ඇතුළු වී 1962 දී විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඉතිහාසයට ගෞරව උපාධියක්ද ලබාගනිමින්ය.

1971 දී ඇතිවු කැරැල්ල පිළිබඳ මෙතුමා පුවත්පත් කලාවේදියෙකු ලෙස ගවේෂණයක යෙදුනු අතර ඉන්පසු චිත්‍රපට නිෂ්පාදනයට පිවිසියේය. 1971 දීම මුලින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. එය  ‘‘වෙස් ගත්තෝ’’ නම් චිත්‍රපටයයි.

ඉන් පසු වල්මත් වුවෝ,දියමන්ති,සළෙළු වරම පලගැටියෝ, දඩයම, සත් සමුදුර, කැඩපතක ඡායා වැනි චිත්‍රපට රැසක් එතුමා විසින් නිෂ්පාදනය කර ඇත.