උදාවන නව අවුරුදු සමයේදී මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් දෙන ලද උපදෙස් අනුව රු. 1,515/- ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10 ක් අඩංගු ආහාර මල්ලක් රු. 975 කට ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.
අප්‍රේල් 10 වැනිදා සිට 20 වැනිදා දක්‌වා වන කාලයේදී දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළෙඳසල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිලදී ගත හැකි වනු ඇත.
කිරිපිටි, සීනි, සහල්, ලොකු ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු ලක් සතොසෙන් ඉහත මෙම කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට රජය අපේක්‌ෂා කරයි.
අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ජීවන වියදම අඩුකර ගැනීමට සහාය දැක්‌වීමක් ලෙස රජය මෙම පියවර ගෙන ඇත.
රු. 1,515/- ක් පමණ වටිනා පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සහන මිලට (රු. 975/- කට) ලක් සතොස හරහා ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආහාර මලු ලක්‌ෂ 10 ක් පමණ මෙම අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්‌ෂා කෙරේ.
ආහාර ද්‍රව්‍ය ලබා දෙන ප්‍රමාණය දැනට වෙළෙඳපොළ මිල
රු.
1 පරිප්පු 1 නට 160.00
2 අල 500ට 70.00
3 ලොකු ලූණු 1නට 100.00
4 හාල් (සුදු හාල්) 2නට 150.00
5 වියළි හාල්මැස්‌සන් 500ට 200.00
6 සීනි 1නට 105.00
7 ටින් මාළු 425ට 125.00
8 කෑලි මිරිස් 200ට 175.00
9 කඩල 500ට 100.00
10 කිරිපිටි (සතොස) 400ට 310.00
වැය වන මුළු මිල 1,495.00
ඇසුරුම් මිල 20.00
මුළු වියදම 1,515.00