FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන සංසදයෙන් රජයට අනතුරු ඇගවිම්..

පළාත් පාලන ඡන්දය කඩිනමින් නොපවත්වන්නේ නම් ඡන්දය පවත්වන තුරු රටේ සියලු ජනතාව හා එක්ව පළාත් පාලන ආයතනය වටලා විෂයබාර අමාත්‍යවරයා සිරකර තබන බවත් සමස්ත ලංකා පළාත් පාලන සංසදයෙන් සභාපති උදේනි අතුකෝරාළ මහතා අභයාරාමයේ දි  අද( 07) පැවති මාධ්‍ය හමුවකට ප්‍රකාශ කළේ ය.

තවත් දින කිහිපයකින් පළාත් පාලන ආයතන විසිරුවා හැර වසර දෙකක් ගත වී ඇති බවත් හෙතෙම මෙහිදි අවධාරණය  කර සිටියේය.

ජනවාරි 8 වන දා ජනතාවගේ අයිතීන් සුරකින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය අද වන විට ජනතාවගේ සියලු අයිතීන් කප්පාදු කර ඇති  බවද හෙතෙම පැවසීය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නොයෙක් කරුණු කියමින් ඡන්දය මඟ හරිමින් සිටින බවටත් අතුකෝරාළ මහතා චෝදනා කර සිටියේ ය.

(ADS)