FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක්..

චීන ජනරජයේ ප්‍රදානයක් යටතේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සදහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය අද (7) කොළඹ ජාතික රෝහලේ අබියසදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කම්ටුවේ සභාපති  යු . සෙන්ෂෙන්  මහතා අතින් සමරු ඵලකය විවෘත කිරීම සහ මුල් ගල් තැබීම සිදු කෙරිණ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා ඇතුළු නිලධරීන් රැසක් සහභාගී වුහ.

(ADS)