FAST NEWS

24×7 Around the Globe

අගමැති ප්‍රමුඛ දුතයෝ 10 වැනිදා ජපානය බලා යති…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දුත පිරිසක් ජපානයේ නිළ සංචාරයක් සඳහා අප්‍රේල් 10 වන දා දිවයිනෙන් පිටත්ම යාමට නියමිත බව අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Shinzo Abe) මහතා හමුවන වික්‍රමසිංහ මහතා, තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකට ද එක්වනු ඇත.

මෙම සංචාරව සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මේ සංචාරයට එක් වන බවද සඳහන්.

(ADS)