FAST NEWS

24×7 Around the Globe

මහනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන්‍ කොළඹ මාර්ග කිහිපයක් වැසේ..

අපවත් වී වදාළ අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද(06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන අතර ඒ හේතුවෙන් මාර්ග කිහිපයක් අද දිනයේ වසා තබන බව පොලිසිය නිවේදනය කළේය.

අද(06) පස්වරු 01 සිට නිදහස් වටරවුම සහ පදනම් මාර්ගය ඔස්සේ නිදහස් මාවතට ඇතුලත් වීම සීමා කර ඇති අතර නිදහස් මාවත එක්දිසාවකට පමණක් ධාවනය කළ හැකි මාර්ගයක් වන බැවින් රාජ්‍ය පරිපාලන හන්දියෙන් නිදහස් මාවතට ඇතුලත් විය නොහැකි වේ.

එසේම පස්වරු 02.30 ට නිදහස් මාවත සම්පුර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කරන අතර එහිදී නිදහස් මාවත සහ නිදහස් චතුරශ්‍රයට පිවිසිය හැකි සියලු මාර්ග සහ අතුරු මාර්ග සියල්ල අදාන කටයුතු අවසන් වනතුරු වසා තබනු ලැබේ.