FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව ගැන අධිකරණ අැමතිගෙන් ප්‍රකාශයක්..

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට සාකච්ඡා කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, උපරිමාධිකරණ විනිසුරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමේ යෝජනාව වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු විසදීමට දැනට සිටින විනිසුරුවන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බවයි.

අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2016 වසර අවසන් වනවිට මෙරට සමස්ත අධිකරණ පද්ධතිය තුළ නඩු හත්ලක්‍ෂ හතලිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් පැවති බවයි.