FAST NEWS

24×7 Around the Globe

නවීකරණය කල කටුනායක ගුවන් පථය අද විවෘත කෙරෙයි…

නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද(06) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කලේය.

ඔහු කියා සිටියේ අද(06) දහවල් 12 ට ගුවන් පථය විවෘත කරන බවත් හා ඒ අනුව ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට නියමිතය.