FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක්..

තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රමුඛ වන නිසා එම පනත් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ද ඉදිරියේ එම කටයුතු සිදු කරන්නේයැයි ද මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට කලංසූරිය මෙ බව අවාධාරණය කළේය.

එසේම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යලෙයෙන් තොරතුරු ගනිද්දී අධික මුදලක් අය කිරීම ගැනද අදාළ මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අතර  ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යම් සමාගමක හිමි කාරීත්වය දැන ගැනීමට නම් සමාගම් රෙජිස්ටාර් කාර්යාලයට සෙවුම් ගාස්තු ලෙස රුපියල් 1000ක් සහ වැට් ගාස්තුද, පිටපත් ගාස්තු ලෙස රුපියල් 500ක් සහ වැට් ගාස්තු ද අය කෙරේ.

(ADS)