FAST NEWS

24×7 Around the Globe

එජාප අමාත්‍යවරුන්ට විදේශ ගත වීමේ වාරණයක්..

අද (05) උදෑසන පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ කිසිදු අභ්‍යන්තර වෙනස් කමක් සිදුව නැතැයි වාර්තා වේ.

කෙසේ නමුත් අද  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට විදේශ ගත වීමේ අවස්ථාව සීමා කර ඇත.

ඒ අනුව එජාප අමාත්‍යවරුන්ට වසරකට දෙවරක් පමණක් විදේශ ගත වීමේ අවස්ථාව හිමිවේ.

එසේ විදේශ ගත විමේදී ද  අගමැතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව ද  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

මේ අතර අද පැවති  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ විවේචනයට ලක්ව ඇති අතර සාමුහික තීරණ සම්බන්ධයෙන් විවේචනය කිරීම නවතා දැමීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.

(ADS)