FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ දක්ෂීණ අධිවේගයේ තදබදයට විසඳුම්..

එළඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂීණ අධිවේගී මාර්ග ඔස්සේ විශාල ජනතාවක් ගමන් කිරීමට ඉඩ ඇති බැවින් පිටවිමේ දොරටු තුළ ඇතිවිය හැකි තද බදය මගහරවා ගැනීම සදහා වැඩසටහනක් සැලැසුම් කර ඇතිබව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. ඊ. ඞී. කහටපිටිය මහතා පැවසීය.

මෙම වැඩසටහන දක්ෂිණ අධීවේගි මාර්ගය තුළ අපේ‍්‍රල් 07 සිට 17 දක්වා වැඩසටහන ක‍්‍රියාත්මක බව ද පැවැසීය.

විශේෂයෙන් දක්ෂීණ අධීවේගි මාර්ගය ඔස්සේ විශාල රථ වාහන සංඛ්‍යාවක් ගමන් කිරීමට ඉඩ ඇති බවින්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක දෙකෙහි අප්‍රෙල් 07 සිට 14 දක්වා පිටවීමේ දොරටුවල සේවක සංඛ්‍යාව වැඩි කිරීමට සහ අවශ්‍ය වුවහොත් පිටවීමේ කවුලූ සංඛ්‍යාව වැඩිකිරිමට කටයුතු කරන බව පැවැසීය.

අප්‍රෙල් 16 සහ 17 දින දෙකෙහි ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික් වල සිට කොළඹ දක්වා විශාල රථවාහන සංඛ්‍යවක් ගමන් පිටවිමේ දොරටු තුළ සේවක සංඛ්‍යාව වැඩි කිරිමට ද නියමිතයි.

සාමාන්‍ය දිනයකදී දක්ෂිණ අධීවේගී මාර්ගයේ රථවාහන 50000 ට ආසන්න ප‍්‍රමාණයක් ගමන් කරන අතර, උත්සව සමයේදී මෙය වැඩිවියමට ඉඩ ඇති බව ද නියෝජ අධ්‍යක්ෂ ආර්. ඊ. ඞී. කහටපිටිය මහතා පැවැසීය.

(ADS)