FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතන නඩුවේ ඩී.එන්.ඒ. වාර්තාව එයි – අනුර යළි රිමාන්ඩ්..

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමඟ ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය  වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.

(ADS)