FAST NEWS

24×7 Around the Globe

සමයං ඝාතන සිද්ධියට සැකපිට අල බොලේ අල්ලයි..

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට සැක පිට මාතර, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි සමිත් චානක හෙවත් අල බෝලේ නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව කළුතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ සමයං ඇතුළු රැඳවියන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට සැඟවී සිටීම සඳහා වාසස්ථාන ලබාදෙමින් රැකවරණය සපයා ඇති බවට සහ ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනා පවතින බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරු අද (5)කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

(ADS)