FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටේ විදේශ සේවා කවුළුව ඇරේ..

කටුනායක  ගුවන්තොටුපොළේ පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි කිරීම් කවුළුවේ කටයුතු ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු අවසන්වීම හේතුවෙන් අනිද්දා (06දා) සිට නැවත ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව එදින සිට කටුනායක ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ පිහිටි කාර්යාංශ කවුළුවෙන් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීම හා ලියාපදිංචිය අලුත් කරගැනීම සිදුකරගත හැක.

ගුවන්තොටුපොළ් නවීකරණ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් 2017.01.01 දින සිට ගුවන්තොටුපොලේ පිහිටි කාර්යාංශ කවුළුවේ සිදුකළ ලියාපදිංචි කිරීම් අත්හිටුවීය.