FAST NEWS

24×7 Around the Globe

හිටපු LTTE සාමාජිකයෝ මකුළුවාගෙන් යාපනයට එති.

මහ මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් මකුළුවා ලකුණින් යුතු ස්වාධීන කණ්ඩායමකින් තරග වැදීමට සූදානම්ව සිටිති.

මෙම හිටපු කොටි සාමාජිකයන් පිරිස දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදීමට ඉල්ලා සිටියද, එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔවුන් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට පමණක් නාමයෝජනා භාර දී ඇත.

මෙම ස්වාධීන කණ්ඩායමේ නායක වන නඩේසපිල්ලෙයි විද්‍යාධරන් පවසන්නේ, උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට තම පක්‍ෂයේ ආගමනය තුළින් බලපෑමක් එල්ලකොට ජනතාවාදී යුගයක් බිහිකිරීමට අවස්ථාවක් උදාවන බවටයි.