FAST NEWS

24×7 Around the Globe

තිස්ස අත්තනායක විදෙස් ගත වීමට අවසර..

්‍හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට අවසර දෙන ලෙස කොළඹ මහාධිකරණ  අද (03) නියෝග කළේය.

ඒ අනුව අධිකරණය භාරයේ පවතින අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත මුදාහරින ලෙස නියෝග කෙරුණි.

අප්‍රේල් 10 සිට 28 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාට යාමට අවසර ලබාදෙන ලෙස අත්තනායක මහතා මීට පෙර ඉල්ලා සිටියේය.

තිස්ස අත්තනායක මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකළැයි පැවසේන කුඨ ලේඛන සිද්ධියකට අදාළ නඩුවක සම්බන්ධයෙන් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා තිබුණී.

(ADS)