බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් රැසකගේ දඬුවම් ලිහිල් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඊයේ නියෝග කළා. එහිදී ඔහු කියා සිටියේ ඔවුන් සිදුකළ අපරාධයට වඩා වැඩි දඬුවමක් විඳින බවයි.
එමෙන්ම ඇමරිකාව සෑම පුද්ගලයෙකුටම දෙවැනි අවස්ථාවක් හිමි ජාතියක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද ජනාධිපති ඔබාමා මෙහිදී අවධාරණය කළා. ඇමරිකානු අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට ද අදහස් කරන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදිවලට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටි පුද්ගලයන් 46 දෙනෙකු ලබන නොවැම්බර් 10 වන දා නිදහස ලබනවා.







