FAST NEWS

24×7 Around the Globe

සන්නස්ගලට අධිකරණයෙන් වාරණයක් – නොතිසීත් නිකුත් කෙරේ..

මහාචාර්ය සුචරිත ගම්ලත් රචිත ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ අද (31) උපුල් ශාන්ත සන්නස්ගලට හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් නිකුත් කළේය.

අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

එළඹෙන අප්‍රේල් 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නියෝගයක් හා නොතිසි නිකුත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

(ADS)