FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී මහින්දානන්දට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර..

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට අද(31) දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය විදෙස් ගතවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසරය ලබා දුන්නේය.

මන්ත්‍රීවරයා සිදු කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් කොළඹ මහේස්ත්‍රාත් මෙම අවසරය ලබා දීමට කටයුතු කළේය.

හෙතෙම ක්‍රීඩා අමාත්‍යධුරයේ කටයුතු කළ සමයේ පාසල් සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ මුවාවෙන් අමාත්‍යංශයේ මුදල් යොදවා ක්‍රීඩා භාණ්ඩ ගෙන්වා ඒවා දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් රුපියල් කෝටි 05කට අධික මුදලක් අවභාවිත කළ බවට මන්ත්‍රීවරයාට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගතවීමේ තහනමක් පනවා තිබුණී.

(ADS)