FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය මුළුමනින්ම නාවික හමුදාවේ සුරතට..

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ ආරක්ෂක කටයුතු මුළුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට පැවැරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්  මෙම තිරණය ගෙන ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා රජය හා චීනයේ චයිනා හාබර් සමාගම සමග දීර්ඝ ලෙස පවත්වනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරායේ සියලු කටයුතු නාවික හමුදාව යටතට ගැනුණු බව රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාවේ විශේෂ අනුඛණ්ඩයක්ද එහි ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

(ADS)