FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. බදු සහනය විරෝධතා නැත්නම් පමණයි.. – යුරෝපා තානාපති

යුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 15 දිනෙන් පසු ප්‍රකාශයට පත්කෙරෙන බව යුරෝපා සංගමයේ මෙරට තානාපති චුන් ලැයි මාර්ක් මහතා ප්‍රකාශ කර සිටියි.

එ අනුව මූලික ඇගයීම්වලින් පසු මෙම බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බව යුරෝපා කොමිසම නිර්දේශ කළද එම නිර්දේශයට විරුද්ධත්වය දැක්වීම සඳහා යුරෝපා කවුන්සිලයට හා යුරෝපා පාර්ලිමේන්තුවට ලබන මැයි 15 දක්වා කාලය ඇති බවත් තානාපතිවරයා මාධ්‍ය වෙත වැඩි දුරටත් සඳහන් කළේය.

ලබන මැයි මස 15 දින තෙක් මෙම නිර්දේශයට විරෝධතාවක් එල්ල නොවුණහොත් නිසැකවම ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවද තානාපතිවරයා අවාධරණය කළේය.

(ADS)