FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් වීරවංශ උපවාසය අත්හරියි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිමීන් දින 07 කට අධික කාලයක් සිදු කරමීන් ආ උපවාසය අත්හැරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

මහා සංඝරත්නය උපවාසය අත්හරින්නැයි කරන ලද ඉල්ලීමට ගරු කරමින් අද (30) පෙරවරුවේ කිරි වීදුරුවක් පානය කොට උපවාසය අත්හළ බව මන්ත්‍රීවරයා  වැඩි දුරටත් පැවසීය.

මන්ත්‍රී විමල් වීරවංශ මහතාව ඊයේ (29) දිනයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබීය.

(ADS)