ප්‍රධාන තනතුරු සියල්ලක්ම පාහේ වෙනසක් සමගින්, වසර හතකට අධික කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි මෙම වෙනස්කම් සිදු කෙරෙනු ඇති බවද පැවසේ.
පක්ෂය අනාගත පරපුරට බාරදීමේ ප්‍රධානතම පියවරක් ලෙස මේ තනතුරු වෙනස්කම් කරනු ලැබෙන බවත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන විප්ලවීය වෙනසකට අනුව දැනට තිබෙන නියෝජ්‍ය නායක තනතුරු එකේ සිට තුන දක්වා වැඩි කෙරෙනු ඇති බවද සඳහන්.
එසේම ඉන් එක් නියෝජ්‍ය නායක තනතුරක් සුළු ජාතීන් වෙනුවෙන් වෙන් කෙරෙනු ඇතැයිද වාර්ථා වේ.
පක්ෂයේ උප නායක ධූරයේද වෙනසක් සිදුවීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ හිටපු නායක අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයක් ලැබෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂ වත්මන් නියෝජ්‍ය නායක ලෙස නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන අතර උප නායක ධූරය දරනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාය.
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නව පත්විම් කිහිපයක් ද ලබන බදාදා පැවැත්වෙන රැස්විමේදි ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.