FAST NEWS

24×7 Around the Globe

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයෙන් මෛත්‍රී..

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (29දා) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එසේම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලනයත් සමග ජනතාව මෙම විධායක ජනාධිපතික්‍රමය අනුමත කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළහොත් උතුරු නැගෙනහිර පළාත් පාලනය තුළ විවිධ අර්බුදකාරී තත්ත්වයන් මතුවිය හැකි බවද ඔහු කීය.

(ADS)