FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසමේ සහායට පොලිස්පතිගෙන් විශේෂ කණ්‌ඩායමක්‌..

මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ පරීක්‍ෂණ කටයුතුවලට සහය වීම සඳහා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදවීමට පියවර ගන්නා බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොමිසමේ නිලධාරින්ට මේ දක්‌වා බලපෑමක්‌ හෝ තර්ජනයක්‌ එල්ලවී නොමැති හෙයින් ඔවුන්ට ආරක්‌ෂාවක්‌ ලබාදීමේ අවශ්‍යතාව මතුවී නැති බවද පොලිස්‌පතිවරයා හෙතෙම පවසයි.

එහෙත් මෙම විමර්ශන කටයුතු සඳහා සහාය දීමට අලුතින් පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවන බව ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(ADS)