FAST NEWS

24×7 Around the Globe

සංචාරක නවාතැන් සඳහා දුම්රිය මැදිරි බදු දීමට අනුමැතිය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නව සංකල්පයක් ලෙස යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ ඇති, දැනට භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත්වැඩියා සංචාරකයින්ගේ නවාතැන් අවශ්‍යතා ‍සඳහා යොදාගැනීම පිණිස බදු දීමට ආදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය  අනුමැතිය ලැබි තිබේ.

එ අනුව කොළඹ දුම්රිය අංගණය, මහයියාව උප දුම්රිය ස්ථානය, නානුඔය, අඹේ‍වෙල, ඇල්ල සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගන්නා ඉඩම්වල එම දුම්රිය මැදිරි ස්ථානගත කරමින් සංචාරකයින්ගේ නවාතැන් අවශ්‍යතා ‍සඳහා යොදාගැනීම පිණිස බදු දීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලබාගත හැකි බව අදාළ කැබිනට් පත්‍රිකාවෙන් අවධාරණය කර තිබේ.

(ADS)