FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහ කිරීමට පරික්ෂණයක්..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහ කිරීම සඳහා විමර්ශනයක්‌ පැවැත්වෙන බව එරට ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු වූ ජෝන් ෂිලිස්‌ටර් හෙළිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමෙරිකානු කොන්ග්‍රසය එක්ව ට්‍රම්ප් රුසියාව සමඟ සබඳකම් පැවැත්වීම ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක්‌ පවත්වන බව ඔහු තවදුරටත් අනාවරණ කර තිබේ.

එ අනුව මෙම පරීක්‌ෂණයේ ප්‍රතිඵලවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවන බව ද ෂිලිස්‌ටර් තවදුරටත් දක්‌වා ඇති බවද සඳහන්.

(ADS)