මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවට එරෙහිව විරෝධතා තුනක්ම ඊයේ (13)ඉදිරිපත් වූ අතර කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා එම විරෝධතා තුනම ප්‍රතික‍්ෂේප කළේය.
පිළිගත් දේශපාලන පක්ෂවලින් එම විරෝධතා ඉදිරිපත් නොවූ අතර විරෝධතා සියල්ල ඉදිරිපත් කරන ලද්දේ ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසිනි.







